Discovery (c). Powered by Blogger.

ටයිටස්‌ තොටවත්ත වැනි කලාකරුවන් මේ ලක්‌ දෙරණේ තව තවත් බිහිවේවා




"ටයිටස්‌ තොටවත්ත වැනි යුග පුරුෂයන්, කලාකරුවන් මේ ලක්‌ දෙරණ මත තව තවත් බිහිවිය යුතුයි. ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් සිනමාකරුවකු වන ටයිටස්‌ තොටවත්ත මහතා තම පාසලේදීම උපහාර ලැබීම සුවිශේෂී අවස්‌ථාවක්‌. අපේ රටේ වාසනාවට උපන් ඔහු ළමා ලෝකයේ මිත්‍රයකු වුණා. වරක්‌ ටයි මහත්තයා "මා රටට දුන් යමක්‌ වීද, ඒ ආනන්දය මට ලබාදුන් දේය" කියා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් ටයි මහත්තයාගේ නිහතමානී බවත්, ආනන්ද විද්‍යාලයේ සුවිශේෂී බවත් රටට පැහැදිලි වුණා. තමන් ගැන නොසිතා රට ගැන සිතන මෙවන් කලාකරුවන් රටට ණය නැහැ. සිංහල සිනමාවේ බිහිවූ අපූර්වත්වයෙන් පිරි සොඳුරු කැරලිකරුවකු ලෙස ටයිටස්‌ තොටවත්තයන්ව හැඳින්විය හැකියි. "

කොළඹ ආනන්ද විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන මහතා මෙසේ පැවසුවේ පසුගිය 5 වැනිදා පැවැති ටයිටස්‌ තොටවත්ත අභිනන්දන උළෙලේදීය. ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවති මෙය ආදි ආනන්දීය මාධ්‍ය කවය සහ ජාතික රූපවාහිනි සංස්‌ථාවේ හඬ කැවීම් අංශය විසින් සංවිධානය කරන ලදී. එහිදී යොවුන් සිනමා විචාරක මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර විසින් රචිත මරදාන ඇස්‌. ගොඩගේ ප්‍රකාශනයක්‌ වන "සොඳුරු අදියුරු සකසුවාණෝ" කෘතිය එළිදැක්‌වීම ද සිදුවිය.

එම උළෙල ඇමතූ ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් මහතා,


අත්තටු නෑ-ඒත් එයා ඉගිලෙයි

චංගුමි මෙන්ම අභීත දියණියත් ළමා පරපුරට ආදර්ශයක් ලබාදෙනවා


චංගුමි මෙන්ම අභීත දියණියත් ළමා පරපුරට ආදර්ශයක් ලබාදෙනවා

රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් ඒකකයේ අධ්‍යක්‍ෂ, අතුල රන්සිරිලාල්
එදා ඔෂීන් ගෙන් අරඹා පසුව සුජාත දියණිය හා මෙදා අභීත දියණිය ලෙස ජනාදරයට පත්ව ඇත්තේ ලාංකේය හඬකැවීම් ක්ෂේත්‍රය තුළ ප්‍රබල සන්ධි ස්ථානයක් ලකුණු කළ විදේශීය නාට්‍ය ත්‍රිත්වයකි.


ප්‍රේක්ෂකයින්ගේ සදා නොමැකෙන මතකයට එකතු වූ චරිත අතරට ඔෂීන් මෙන්ම චන්ගුමී ද එක්වී හමාරය.
 මේ වන විට ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ දිග හැරෙන අභීත දියණිය හරහා හඬකැවීම් කලාවේ නව ඉසව් සොයා ඇදෙන රූපවාහිනි සංස්ථාවේ හඬකැවීම් ඒකකයේ අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතා මෙවර රසමංජරියට සිය අදහස් එක්කළේය. මෙතැන් සිට දිගහැරෙනුයේ ඔහුගේ වදන්ය.



සුජාත දියණියගෙන් පසු අභීත දියණිය ප්‍රේක්ෂකයින්ට සමීප කිරීමට සිතුවේ ඇයි?
ඔෂීන්ගෙන් පසු තරමක් නිහඬව තිබූ හඬකැවීම් නාට්‍ය කලාවට නව පණක් ලැබුණේ සුජාත දියණිය හරහා. මා සිතුවටත් වඩා සුජාත දියණිය ප්‍රේක්ෂක හදවත් වැළඳ ගත්තා. ජපානයෙන් තිළිණ ලද ඔෂින්ගෙන් පසු වර්තමාන ජපන් තානාපති නොබෝකෝ හිතෝ මහතාගේ උදව්වෙන් ජුවෙල් ඉන් පැලස් කියන කොරියානු නාට්‍ය අපට ලැබුණා.






මෙය තමයි සුජාත දියණිය කියන නමින් ප්‍රතිනිර්මාණය කරලා ප්‍රේක්ෂකයින් අතරට ගියේ. මේ නාට්‍ය මිනිසුන්ට කොපමණ සමීප වුණාද කියනවා නම් මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය පවා වෙනස් වුණා.

හයහමාර වන විට තමන්ගේ දෛනික වැඩ නිම කරලා රූපවාහිනිය ළඟට එන්න මිනිස්සු පුරුදු වුණා. කුඩා දරුවෝ චංගුමිගේ ධෛර්යවන්තකම ආදර්ශයට ගත්තා.
මේ විදිහට සුජාත දියණිය ලබා ගත් සාර්ථකත්වය හා ජනප්‍රියත්වය නිසා සුජාත දියණිය අවසන් වීමෙන් පසු නැවත නාට්‍යක් කිරීමේ අවශ්‍යතාවය ඇති වුණා. කළමනාකාරතුමා පවා පැවසුවා සුජාත දියණියගෙන් පසුව නිහඬ නොවී නැවත නාට්‍යයක් කරන ලෙස. මේ අනුව අප එම් බී සී එකෙන් ජුවෙල් ඉන් ද ක්‍රවුන් කියන කොරියානු නාට්‍ය මිලදී ගත්තා. එලෙස තමයි අභීත දියණිය නිර්මාණය වුණේ.
සුජාත දියණියට වඩා අභීත දියණිය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණා. මෙයට හේතුව කුමක්ද?

ප්‍රධාන හේතුව වුණේ මේ නාට්‍ය පුරා සිටියේ පොඩි දරුවෙක් වීම. මේ නාට්‍ය තෝරා ගැනීමට හේතුව වුයේත් එයයි. තම පියා හා ‍ෙසාහොයුරාගේ වියෝවයෙන් පසු තනි වුණා, එහෙත් ඉතා ධෛර්යවන්ත කිසිවකුට බය නැති ගැහැනු දරුවෙක් වටා ගෙතුනු කතාවක් මෙය. මෙය ප්‍රචාරය කරපු මුල් අවධියේ
ප්‍රේක්ෂකයින් මෙය සුජාත දියණිය හා සමඟ සංසන්දනය කළා.
නමුත් මෙම නාට්‍ය සුජාත දියණියට වඩා පුළුල් පරාසයක් දක්වා විහිදෙන්නක්. මොකද සුජාත දියණිය විහිදුණේ රාජකීය මුළුතැන්ගේය සහ ඒ අවට පරිසරයට පමණයි.
නමුත් අභීත දියණිය එයට වඩා වෙනස් ‍ෙ විවිධ සිද්ධීන් හා පරිසරයන් මෙහි දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මෙහි සිංහල පිටපත බොහොම ලස්සනට නිර්මාණය කෙරුණා.
නමුත් ඇතැමුන් චෝදනා කරනවා මේ නාට්‍ය පැයක් පුරා විකාශනය වීම නිසා දරුවන්ගේ් කාලය කා දමන බවට. ඒ පිළිබඳ ඔබ දරන අදහස?
ඇත්තෙන්ම මෙතනදී මා උත්සාහ කළේ සමාජයට හානියක් කිරීමට නෙමෙයි. සමාජයට යහපත් ආදර්ශයක් ලබා දීමයි මගේ අරමුණ වුණේ. එය සාර්ථක වුණා කියලා මා විශ්වාස කරනවා.
චංගුමි කියන චරිතයත් අභීත දියණිය හි දොංයි ගේ චරිතය හරහා ළමා පරපුරට ගෙන එන්නේ ආදර්ශයක්. ධෛර්යවන්ත තම අරමුණු කරා නොබියව නොසැලී බාධක ජයගෙන ගමන් කරන ආකාරය තමයි මෙයින් කියවෙන්නේ. මේ චරිත හරහා දරුවන්ගේ ජීවිතවල යහපත් වෙනසක් ඇතිවුණා.
දරුවෝ උදාසීන ගති අතහැර කඩිසර වුණා. ධෛර්යවන්ත වුණා. ඉතිං දොස් කියන අය ඉන්නේ බොහෝම ටික දෙනයි. සියයට අනූ අටක්ම ඉන්නේ අභීත දියණිය සමඟයි.
ඇත්තෙන්ම මෙය ලොකු, පොඩි, බාල, මහලු සියලු දෙනාම ඉතා කැමැත්තෙන් නරඹන නාට්‍යයක් වී හමාරයි. මේ නාට්‍ය නැවැත ප්‍රතිනිර්මාණය කිරීමේදී දරුවන්ට උචිත විදිහට නිර්මාණය කිරීමට මා පෙළඹුණේත් වැඩි වශයෙන් මෙය දරුවන් අතරට යන නාට්‍යයක් නිසා.
හඬකැවීම් ක්ෂේත්‍රය තුළ පෙරට වඩා නවතාවයක් දක්නට ලැබෙනවා. මේ වෙනසට හේතුව කුමක්ද?

හඬ කැවීම් ක්ෂේත්‍රය තුළ යම් පිබිදීමක් තිබෙනවා නම් එය හේතුව නිසි පුහුණුවකින් පසු හා චරිත වලට සුදුසු රංගන ශිලපීන් යොදවා දෙබස් ගැන්වීමයි. මේ නිසා සාර්ථක වන නිර්මාණය ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරට යනවා. එවිට නාට්‍ය පමණක් නොවේ සමස්ත හඬකැවීම් කලාවම ජනප්‍රිය වෙනවා.
අභීත දියණිය නාට්‍ය සඳහා මා සම්බන්ධ කරගනු ලැබුවේ නවක හඬ කැවීම් ශිල්පීන්. එයට හේතුවක් තිබුණා. සුජාත දියණිය නාට්‍යයේ චරිතවලට පණදුන් කට හඬම අභිත දියණිය තුළින් ඇසුණොත් එය එකකාරිවීමට ඉඩ තිබුණා.
ඒ නිසා අභීත දියණිය නාට්‍යයේ චරිත වලට සුදුසු වෙනස් හා අලුත් හඬවල් ගෙනෙන්න මට ඕනෑ කළා. මේ නිසා නවක දක්ෂ හඬකැවීම් ශිල්ප ශිල්පිණියන් රැසක් මේ ක්ෂේත්‍රයට ගෙන ඒමට හැකිවී තිබෙනවා. හඬ පරීක්‍ෂණයකින් තෝරා ගත් මේ පිරිසට හඬ කැවීම් පිළිබඳ පුහුණුව ලබාදෙන අතරම නොමිලේ පිටපත් රචනය පිළිබඳවත් හැදෑරීමට ඉඩ කඩ සලසා තිබෙනවා.
අභීත දියණියට පියුමි විජේවර්ධන හඬ දෙන අතරම කමල් ගමගේ රජුගේ චරිතයට ජීවය දෙනවා. මෙයට අමතරව ප්‍රවීණ හා නවක විශාල පිරිසක් හඬ කැවීමෙන් මේ සඳහා දායක වී සිටිනවා.

හඬ කැවීම් කලාවේ උන්නතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද?

මේ වනවිට හඬ කැවීම් ශිල්පීන් වන කරුණාරත්න අමරසිංහ, අදිශ කංචන, මර්සි එදිරිසිංහ, හා අප එකතු වෙලා හඬකැවීම් හා උප සිරැසි ගැන්වීමේ සංසදයක් පිහිටුවා ගෙන තිබෙනවා. ඒ හරහා ඇගැයීමට ලක් නොවුණු හඬ කැවීම් ශිල්පීන් වෙනුවෙන් උත්සවයක් පවත්වා සම්මාන ලබා දෙන්න අපට හැකි වුණා.
එවැනි තව සම්මාන උළෙලක් මේ වසරේදී පැවැත්වීමට අප සූදානමින් සිටිනවා. මෙහිදී හඩකැවීම් ක්ෂේත්‍රයට සම්බන්ධ හඬකැවීම්, කාර්මික, පිටපත් රචක යන සියලු අංශවල ශිල්පීන් සම්මානයට පාත්‍ර වනවා.
මේ කටයුතු සඳහා රූපවාහිනි සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා, ප්‍රධාන විධායක ගාමිණී රාසපුත්‍ර, සහකාර අධ්‍යක්ෂ අනුර ධර්මසේන යන මහත්වරු ඇතුළු විශාල පිරිසකගේ සහයෝගය ලැබෙනවා.
ඒ වගේම දොස්තර හොඳ හිත වගේ ශ්‍රී වික්‍රම රාජසිංහ හත්පණ, පඬිතුමා සහ යෝධයා, ගජමැන්, සිරිබිරිස් වැනි දරුවන්ට උචිත නිර්මාණ හා සම්භාව්‍ය නිර්මාණ පොඩි දරුවන් වෙනුවෙන් ගෙන එන්න මා සූදානමින් ඉන්නවා. මුලින් අපට නොතිබුණ නමුත් දැන් හිමි වී තිබෙන ලංකාවේ කාටුන් හදන මැදිරියක් තිබීමත් අපට පහසුවක් වී තිබෙනවා.
  
මෙම උපුටා ගැනීම    dinamina.lk    වෙතිනි...

පෙක් ක්වන්ග් යොන්ග් ගැන

ඉසිවර වෙදැදුරු ටෙලි නාට්‍යයේ බෙක් ක්වන්ග් හ්‍යු - Baek Kwang-hyun of The King's Doctor - Isiwara Wedaduru 

කොරියානු ටෙලිනාට්‍යවලට කැමති ඔබ වෙනුවෙන්ම මේ දිනවල ජාතික රූපවාහිනිය විකාශනය රන අලුත්ම නිර්මාණය තමයි ඉසිවර වෙදැදුරු’. කොරියානු බසින් Maui වන මෙය  ඉංග්‍රීසි බසින් The King's Doctor, Horse Doctor, The Horse Healer යන නම්වලින්ද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
 නමුත් වඩාත් ජනප්‍රියව ඇත්තේ The King's Doctor නමින්. මෙය නිර්මාණය කොට ඇත්තේ ද ඓතිහාසික කතාවක් පදනම් කරගෙනයි. ඔබ මෙයට පෙර නැරඹූ සුජාත දියණිහා අභීත දියණීනාට්‍යයන් අධ්‍යක්ෂණය කළ ලී බ්‍යුන්ග් - හූන්මෙහි ද අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. නමුත් ඔබ ඒවායේ දුටු නළු නිළියන් කිසිවෙක් මෙහි දක්නට ලැබෙන්නේ නැහැ.

ජෝසෙන් රාජ්‍ය සමයේ අවසාන භාගයේ දී පමණ ජීවත් වූ අශ්වයිනට ප්‍රතිකාර කිරීමට දක්ෂකම් දැක් වූ බෙක් ක්වන්ග් - හ්‍යුන්නම් පශු වෛද්‍යවරයකු වටා මෙම කතාව ගෙතී තිබෙනවා. කුලයෙන් පහත් පුද්ගලයකු වන බැවින් පශු වෛද්‍යවරයකු ලෙස පවා ඉහළට පැමිණෙන්ට ඔහු ඉදිරියේ ඇති බාධාවන් අපමණයි. නමුත් වැඩවසම් සමාජ ක්‍රමයේ තාඩන පීඩනවලින් නොසැලී දිරියෙන් ජීවිතය ජයගන්නා මේ පශු වෛද්‍යවරයා අවසානයේ රජමාලිගාවේ රාජකීය වෛද්‍යවරයා බවට පත්වෙනවා   එමෙන්ම ජෝසෙන් රාජ වංශයේ ප්‍රථම ශල්‍ය වෛද්‍යවරයා වන්නේ ද ඔහුයි. කොරියාවට ආවේණික වූ වෛද්‍යක්‍රම හා කටු චිකිත්සාව පිළිබඳ දක්ෂයකු බවට පත්වන ඔහු කිසිදා තමන් සිටි තැන අමතක නොකරන උතුම් පුද්ගලයකු බව තහවුරු කරමින් දිළිඳු, අසරණ ජනතාවගේ රෝග පීඩාදිය සුව කරන්නට ජීවිතයම කැප කරනවා. ඉසිවර වෙදැදුරුනාට්‍යයේ ප්‍රධාන චරිතය වන බෙක් ක්වන්ග් - හ්‍යුන්ගැන කෙටියෙන් සඳහන් කළොත් ඒ විස්තර තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඔබ දැනටමත් මේ නාට්‍යයේ හොඳ ප්‍රෙක්ෂකයෙක් නම් මේ ගැන ඔබ හොඳින්ම දන්නවා ඇති. නොදන්නා කෙනෙක් නම් මේ විස්තරය දැනගත්තාම නාට්‍යය බලන්න හිතෙන්නත් ඇති.


බෙක් ක්වන්ග් - හ්‍යුන්නම් ඉසිවර වෙදැදුරාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ 1980 පෙබරවාරි 12 වැනිදා දකුණු කොරියාවේදී මෙලොව එළිය දුටු දක්ෂ හා අතිශය ජනප්‍රිය කොරියානු සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු වන ජෝ සුන්ග් - වූ’. ඔහු හැදී වැඩුණේ සංගීත රසකාමී පවුලක. ඔහුගේ පියා ජෝ ක්‍යුන්ග්-සූගායකයෙක්. අක්කා, ඒකියන්නේ ජෝ සෝ-යොන්සංගීත සංදර්ශනවල රංගන ශිල්පිනියක්. අපේ මේ කතා නායකයා, ඒ කියන්නේ ජෝ සුන්ග් - වූසිහින මැව්වෙත් සංගීතය පැත්තෙන් ජීවිතය ගොඩනගාගන්න. නමුත් 1999 දී ඔහුට අහම්බෙන් වගේ සිනමා නිර්මාණයකට දායකවන්නට අවස්ථාව ලැබුණා. ඒ ඉම් ක්වොන්-ටේක්ගේ චුන්ය්‍යාන්ග්සඳහායි. මෙය සාර්ථක නිර්මාණයක් වුණේ නැහැ. නමුත් කෑන්ස් සම්මාන උළෙල සඳහා  පවා මෙම නිර්මාණය නිර්දේශ වුණා. ඒ නිසා ජෝ සුන්ග්ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන්ගත්තා.

ඔහු තමාගේ මේ පළමු සිනමා නිර්මාණයෙන් පසුව නැවතත් සංගීත කටයුතු ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තත් සිනමාවෙන් ගැළවෙන්න නම් ඉඩක් ලැබුණේ නැහැ. 2001 වසරේදී ඔහුට වානීසහ ජූනාසිනමා නිර්මාණවල සහාය චරිතත්, 2002 වසරේදී හූ ආර් යූහි ප්‍රධාන චරිතයක් රඟපාන්නත් අවස්ථාව ලැබුණා. ඉන් පස්සේ 2003දී ක්වක් ජේ-යොන්ග්ගේ ක්ලැසික් සිනමා නිර්මාණයට දායකවන්නට අවස්ථාවත් හිමි වුණා. ඔහුගේ ජනප්‍රියත්වය මේ විදියට ටිකෙන් ටික වැඩිවෙන්න පටන්ගත්තා. 2004 ඔහු රඟපෑ ලෝ ලයිෆ්චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පවා තැබුවා. අවසානයේ ඔහු කොරියාවේ ජනප්‍රියතම තරුවක් බවට පත්වුණා. කෙසේ මුත් ඔහු රංගනයෙන් දායක වුණු මැරතන්’, ටාස්සා - ද හයි රෝලර්ස්’, ජෙකිල් ඇන්ඩ් හයිඩ්’, ද කිංග්ස් ඩොක්ටර්හෙවත් ඔබ දැන් නරඹන ඉසිවර වෙදැදුරුයන නිර්මාණ වැඩි කතාබහට ලක්වුණා.

කොරියානුවන්ට අනිවාර්ය යුද සේවයක් තිබෙනවා. ජෝ සුන්ග් - වූටත් එය අදාළයි. 2010 දී ඔහු ජෙකිල් ඇන්ඩ් හයිඩ්’  සඳහා දායක වුණේ මේ අනිවාර්ය යුද සේවයෙන් පසුවයි. සංගීතයද අමතක නොකළ ඔහු ප්‍රසංග වේදිකාවේ ද නිතර දක්නට ලැබෙන චරිතයක්. එක් ප්‍රවෘත්තියකට අනුව කොරියාවේ වැඩිම මිලක් අය කළ සංගීත ශිල්පියා ලෙසින් ද ඔහු වාර්තාවක් තබා තිබෙනවා. ඔහුගේ මේ අධික අයකිරීම නිසා ඇතැම් නිෂ්පාදකවරුන් ඔහු සහභාගීවන සංදර්ශන සඳහා අනුග්‍රහ දක්වන්නට බියක් පළ කළත්, ඔහු සහභාගී වන සංදර්ශනවල ප්‍රවේශපත්‍ර අළෙවිවන්නේ උණු කැවුම් වාගෙයි. ඔහුට ඒ තරමටම ඉල්ලුමක් කොරියාවේ පවතිනවා.

පුංචි තිරයේ ඔහු දායක වුණු ප්‍රථම නිර්මාණය තමයි හෝර්ස් ඩොක්ටර්’. ඒ කියන්නේ ඉසිවර වෙදැදුරු’.  එහි කළ රංගනය උදෙසා කොරියාවේ එම්.බී.සී, සම්මාන උළෙලේ ලද හැකි ඉහළතම සම්මානය වූ ඩේසෑන්ග්දිනාගැනීමටත් ඔහු වාසනාවන්ත වුණා.

ඔහු මේවන විට සිනමා නිර්මාණ 19කටත්, සංගීතමය නාට්‍ය 12කටත් තවත් විවිධ නිර්මාණ ගණනාවකටත් දායක වී තිබෙනවා. මේවන විට දිනා ඇති සම්මාන ගණන 23කටත් අධිකයි. 

උපුටා ගන්නා ලද ලිපියක් බව සලකන්න-උපුටා ගැනීම  http://worldbeyondworld.blogspot.com/2013/12/baek-kwang-hyun-of-kings-doctor-isiwara.html

කුතුහලයේ උපරිමයට




2014 01 17 43 අද කොටසින්


2014.01.17 43 අද කොටසින්


අද දින නොපෙන්වූ කොටසහි රූපරාමු


07 වැනි දිගහැරුම


06 වැනි දිගහැරුම