යහපත් මහ රජ
'යහපත් මහරජ' ජුලි 7 වැනිදා සිට
ජාතික රූපවාහිනියෙන්...
ශ්‍රී ලාංකික රූපවාහිනි ප්‍රේක්ෂකයින්ට කවදත් හරවත් සහ ගුණවත් වැඩසටහන් ගෙන ආ ජාතික රූපවාහිනිය, තවත් මාලා නාටකයක රුව ගුණ රැගෙන "යහපත් මහරජ" විකාශය ඇරැඹීමට සූදානමින් පසුවෙයි.
"ලී සන් (වින්ඩ් ඔµa ද පැලස්) කොරියානු ටෙලි නාටක පෙළ සිංහල දෙබසින් රසකර "යහපත් මහරජ" නමින් හැඩ ගැන්වී අතුල රන්සිරිලාල් මහතාගේ හඬ කැවීම් අදියුරු උපදෙසින්, තේමා ගී නිර්මාණයෙන් සහ සංස්කරණයෙන්ද ප්‍රති නිර්මාණය වූ මේ මාලා නාටක පෙළ ගැස්ම දැන් විකාශය වන "අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි" නාට්‍යයේ අවසානයත් සමග ජූලි මස 7 වැනිදා සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 6.30 ට විකාශය ඇරැඹීමට නියමිතය.
"යහපත් මහරජ" කොරියානු දේශයේ ජෝසෝන් අධිරාජ්‍යයේ 22
වන රජු වන "ජොංජෝ" රජු පිළිබඳව සැබෑ ජීවන වියමනකි. මෙය ජාතික රූපවාහිනියේ විකාශය නිමාව දුටු "අභීත දියණිය" කතා මාලාවේ දොංයීගේ පුතුගේ රාජ්‍ය පාලන සමය පිළිබඳ කතාවයි. වසර 500ක් පමණ දිගු කලක් පැවැති ජෝසෝන් අධිරාජ්‍යයේ බොහෝ අර්බුද සහ ගැටුම් පැවැති කාලසීමාව වූයේද ජොංජෝ රජුගේ පාලන සමයයි. එවන් තීරණාත්මක යුගයක තම රාජ්‍යයේ උන්නතිය උදෙසා කැපවෙමින් ඔහු ලද ජයග්‍රහණ විඳීමට සිදුවූ දුක් ගැහැට මෙම කතා මාලාව තුළින් මනාවට නිරූපිත වෙයි. ජොංජෝ රජු සිය අධිරාජ්‍යයේ පැවැති ගැටුම් සමතයකට පත් කරමින් රට සශ්‍රීක කෙරුමට අපමණ වූ වෙහෙසක් ගත් එම යුගයේ පරමාදර්ශී යහපත් පාලකයකු වූ අයුරු "යහපත් මහරජ" විද්‍යාමාන කරයි.
"සුජාත දියණිය" සහ "ඉසිවරු වෙදැදුරු" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කළ, ලී බියොන්ග් හුන්ග්, "ලී සන්" (වින්ඩ් ඔෆ් ද පැලස්) නැතහොත් "යහපත් මහරජ" හී ද අධ්යක්ෂවරයායි. එසේම "අභීත දියණිය" සහ "ඉසිවර වෙදැදුරු" තිර රචනය කළ කිම් යි යන්ග් මෙහි ද තිර රචකයායි. "ලී සන්" හෙවත් "ජෝන් ජෝ" රජුගේ ප්‍රධාන චරිතයට ජීවය මුසු කරනුයේ ඊසෝ ජින් නම් කොරියානු රංගන ශිල්පියායි. 2007 වසරේදී එම්.බී.සී. නාලිකාවේ විකාශය ඇරඹුණු මෙම නාටක මාලාව, උසස් ප්‍රේක්ෂක ප්රතිචාරයනට නතුව සම්මාන රැසකටද උරුමකම් කීය.
"යහපත් මහරජ" ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක රසවතුනට සමීප කරලීම වෙනුවෙන් හඬ නළුව වෙමින්, සීලරතන සෙනරත්, කරුණාරත්න අමරසිංහ, රත්නා ලාලනී, පරාක්‍රම පෙරේරා, රෝහණ සිරිවර්ධන, උලපනේ ගුණසේකර, ප්
රසන්න ෙµdන්සේකා, රවීන්ද්‍ර කෝදාගොඩ, සමීර ගුණතිලක, තිලාන් වර්ණජිත්, ලාල් සරත් කුමාර, විනෝෂා මාලියද්දේ, නලීන් ප්‍රියදර්ශන, ජයනි රංජනා, ලක්මාලී වෙලගෙදර, කසුන් කල්හාර, හිරුණි හඳපාන්ගොඩ, ඇතුළු දෙසියයකට වැඩි ශිල්පීන් පිරිසක් දායකත්වය සපයති. අමාලි විඡේසේකර, තුසිත විදානපතිරණ, හඬ කැවීම් අදියුරුවෙන්ද, බුද්ධික සම්පත්, අසංක කුමාරපේලි හඬ සටහනින් හා මුසුවෙන්ද, සංගීතය හා තේමා ගී තනු ආචාර්ය රෝහණ වීරසිංහයන්ද, තේමා ගී ගැයුම ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ජලින් ගුණතිලකද, සම්බන්ධීකරණයෙන් පුෂ්පිකා පීරිස් සහ අරුණි පතිරාජාද, නම්පෙළ නිමැවුම අයේෂ් රුශන්ත සහ අනිල් සුසන්, නිපැයුම් මෙහෙයුම අනුර ධර්මසේන සහ රංජිත් ද සිල්වා ද එක්ව සිටින "යහපත් මහරජ" නවතම මාලා නාටකයේ හඬ කැවීම් අදියුරු උපදෙස්, තේමා ගී නිර්මාණය සහ සැකසුම අතුල රන්සිරිලාල් ගෙනි.
තවත් පින්තූර බලන්න --- Click Here...( after wait 5 second & Click)