තවත් ඉසිවර දෑතක්.....
ඉසිවර දැක්ම ලද අනාගතවේදියා-ස්ටීව්ජොබ්ස් With ක්වං යොන්ග්
සුබ දවසක් හැමෝටම..අද මම කියන්න යන්නෙ ස්ටීව් ජෝබ්ස් කියන අසිරිමත් පුද්ගලයා ගැන... ඉසිවර දැක්ම ලද අනාගතවේදියා-ස්ටීව්ජොබ්ස්.............සැබැවින්ම කිවතොත් පරිගණකයේ ලෝක සම්මත ආකෘතිය හදුන්වා දුන්නේ ඔහුය.හෙතෙම මෑත කාලයේ බිහි වු විශිෂ්ඨතමයා කීම නිවැරදිය..මන්ද ලෝකයාගේ වෙනස්වීමට ඔහු බලපෑ හෙයින්ය..ඔහු විද්‍යාඥයෙකුවත් කර්මාන්තකරුවෙකුවත් නොවු නමුත් ඔහු මිනිසාට අවශ්‍ය මෙවලම් හා ඒවායේ හැඩ පිලිබද හොඳ ඉවක් තිබූ අයෙකි.සම්මත විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හෝ සුදුසුකම් සහතික මේ එකක් වත් ඔහුට නැත.නමුත් ඔහුගේ නමට ඇමරිකානු පේටන්ට් බලපත්‍ර 338 තිබේ.මේවා අදද ඇපල් සමාගම ඔස්සේ ලෝකයාට සේවය සලසයි..එබැවින් ඔහු නූතන ලෝකයේ හොදම නව නිපැයුම්කරුවා වෙයි..............
ඉතින් යාළුවනේ අපි අමුතුවෙන් මේ නිර්මාණ ගැන කිව යුතු නෑ.. මොකද ඒ ගැන නොදන්නකෙනක් නෑ..ඒත් ඔහුගේ ජීවිතය ගැන මොහොතක් හිතන එක වටිනව යාළුවනේ......අපි පොඩ්ඩක් බලමු ඒ ගැන....
ව්‍යාපාරික ලොව දිග්විජය කලත් සුපතල කිර්ති නාමයක් ලබා සිටියත් ස්ටීව් ජොබ්ස් කියන්නෙ අතිසරල වගේම නිහතමානී කෙනෙක්..ඔහුගේම අනන්‍යතාවය වුණු නිල්පැහැ ඩෙනිම,වැලමිට තෙක් අත්නැවූ කොලරය රහිත කළු ටීෂර්ටය තුලින් වුණත් ප්‍රදර්ශනය වුණේ ඒ සරල බව.ඔහුගෙ ගමන්විලාසය වුණත් එහෙමමයි.මොන දෘෂ්ටි කෝණයෙන් බැලුවත් ඔහු ඇත්තෙන්ම ඉසිවර දැක්මකින් යුතු කෙනෙක්..ඉතින් ඔහු අපූරු සංකල්පයක් ඇපල් සමාගමට හඳුන්වල දීල තිබ්බා.ඔහු හිතන හැටි සමාගමට උගන්නල තිබ්බ..අපි ඒ ටික මේ ටික මැගසීන් එකක තිබිල ඔයාලටත් බලන්න උපුටල දැම්මා...හැමෝටම මැගසීන් කියවන්න වෙන්නැති නිසා...මේ තමා තාක්ෂණ ලොවේ විශිෂ්ටයෙකු කල ජොබ්ස් නියාමන 10.01-පරිසමාප්තිය කරා යන්න
පලමු වරට අයිපොඩ් යන්ත්‍රය හදුන්වා දීමට පෙර දින රාත්‍රියේ ඇපල් කාර්යමණ්ඩලය හෙඩ්ෆෝන් පවා ගලවා දමා සිටියහ.මන්ද ජොබ්ස්ට ඔවුන් ගේ පුර්ණ අවධානය අවශ්‍ය වු බැවිනි.
02-ක්ෂේත්රදයේ ප්‍රවීණයන් ළංකර ගන්න.
NEXT ලාංඡනය සැලසුම් කිරීමට ජොබ්ස් සැලසුම් ශිල්පි අයි.එම් .පෙයි ගේ සහාය ලබා ගත්තේය.සමාගමේ ප්රදර්ශනාගාර ජාලය ඇරඹිමට පෙර මිකී වෙස්ලර් අධ්යක්ෂ මණ්ඩලයට බදවා ගත්තේය.
03.අනුකම්පා විරහිත වන්න.
තමා විසින් ඇතැම් නිෂ්පාදන විනාශ කිරිම ගැන ජොබ්ස් ආඩම්බර විය.ඒ ඔස්සේ නව නිර්මාණ බිහිවීම ඔහුගේ අවශ්‍යතාව විය.
04.ඉලක්ක කණ්ඩායම් මගහරින්න.
ජොබ්ස්ගේ ප්‍රකට කියමනක් වුයේ ඔබ ඔවුන්ට ප්‍රදර්ශනය කරනතුරු ජනතාව ඔවුන්ට ඕනෑ කුමක්ද යන්න නොදන්නා බවයි.මේ සිද්ධාන්තය ඔහු මත ඔහු ක්‍රියා කලේ එක් ඉලක්ක මිනිසෙකු විශ්වාස කරමින්ය.
05.අධ්‍යයන කටයුතු නතර නොකරන්න.
ඇපල් සමාගමේ මුල් කාලීන විසතර පත්‍රිකා සැලසුම් කිරීමේදී ඔහු ඒවායේ බර පිලිබඳව පවා සැලකිලිමත් විය.සෝනි සමාගම නිකුත් කල පත්‍රිකා ගැන හොඳින් නිරීක්ෂණය කෙරිණි.පළමු මැකින්ටොෂ් පරිගණකය සැලසුම් කිරීමේදී ඔහු ජර්මන් සහ ඉතාලි මෝටර්රථ ආකෘති ගැන පවා අධ්‍යයනය කලේය.
06.සරල කෙනෙක් වෙන්න.
දැක්ම සරල බව මතම පදනම් විය.අයිපොඩ් යන්ත්‍රය සැලසුම් කිරීමේදී ඔහු උපදෙස් දුන්නේ ඔන්ඕෆ් බොත්තම පවා බැහැරකරන ලෙසයි.
07.රහස් ඔබ ලගම තබා ගන්න.
ඇපල් සමාගමේ කිසිවෙකු රහස් ගැන කතා කලේ නැත.යම් දෙයක් ගැන දැනගැනීමට අවශ්‍ය වූ විට කණ්ඩායම් වශයෙන් වෙන් වෙන්ව රැස්ව සාකච්ඡා කිරීම සිදු විය.
08.කුඩා කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න.
මැකින්ටෝෂ් පරිගණකය නිපදවීමේදී ඊට එක්වූ කණ්ඩායම 100 කි.ඊට වඩා එක් අයෙකුවත් වැඩි වුයේවත් අඩුවූයේවත් නැත.ඒ සියල්ලන්ගේම මුල් නම් ජොබ්ස්ට මතක තිබුණි.
09.කැරට් වැඩියෙන්පාවිච්චි කරන්න.
ජොබ්ස් සතු වූ කැරිෂ්මාව බලවත්ම උත්තේජනයයි.මැක් කණ්ඩායමට සතියකට පැය 90 බැගින් වසර 3 ක් වැඩෙහි යෙදිනි.
10.නිදර්ශකයේ පටන් අන්තය දක්වාම යන්න.
ජොබ්ස් කල සෑම දෙයක් සදහාම නිදර්ශක තිබිණි.ප්රදර්ශනාගාර වලට පවා ආදර්ශක විය.ආදර්ශක පවා ඉදිකෙරුණේ රහසිගතවය.අදාල ව්‍යාපෘතීන් ජොබ්ස් විසින්ම මෙහෙයවීය.
මේ විදියට තමා ස්ටීව්ජොබ්ස් ඇපල් සමාගම මෙහෙයවුවේ..ඔහු දැන් ජීවතුන් අතර නොසිටියත් සැබැවින්ම අමරණීය පුද්ගලයෙක්..
අප හිත මිතුරනි මෙලෙසින් අපගේ පෝසටුව නිමාවට පත්කරන්නෙමු.ඉහත කී ජීවිතාන්දරය මගින් ඔබ යමක් ඔබගේ දිවියට එකතු කොටගෙන දිවිසරුකර ගනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි....මන්ද අප ඉසිවර වෙදැදුරු අප හද මඩලේ රදවාගෙන සිටිනා නිසාවෙනි....