Discovery (c). Powered by Blogger.

ඔසු උයනක් සාදාගනිමු

ඔසු උයනක් සාදාගනිමු 


ඔසු උයනක් යනු
අපට අවශ්‍ය වන ඖෂධීය වටිනාකමකින් යුතු ගස්,වැල්.පඳුරු පැළෑටි , අල වර්ග වැනි දෙයින් පිරුණු බිමකි. මෙම බිමෙහි ක්‍රමවත් ආකාරයටවැවිය යුතුය. ඉඩ තිබෙන ඕනෑම   තැනක මෙිවා වගා කල හැකිය.

මෙන්න මේ වගේ තැන් රැසක් ම තියෙනව මේ වැඩේට සුදුසු

§ පාසල්බිම
§ ගෙවත්ත
§කාර්යාලය අවට හිස් බිම
§වැට මායිම් තුල
§වගාබෝග අතර
§පෝච්චි වල

මේ වගේ නොයෙකුත් තැන් තියෙයි.ඉඩ කඩ සීමා සහිත නම් අළුත් ක්‍රමත් තියෙනව..මොකද නාගරික පැතිවල ඉඩකඩ අඩුයි නේ ඒකයි.ඒවා පස්සෙ බලමු..ඔයාලගෙ කැමැත්තට තමා ඉඩකඩ

ඔසු උයනක ඇති වැදගත් කම මෙහෙමයි...

§වාතය පිරිසිදුව තබා ගැනිම
§ජල සම්පත පෝෂනය  කිරිම
§සෙවණ සැපයීම
§පාංශු සංරක්ෂණය
§ආහාර පලතුරු පිරිසිදුව භාවිතයට ගැනිම


------------------------------------------------------------------------------------------------



ඔසු උයනක් නිර්මානය කිරිමට කලින් මෙන්න මේව ගැන සැලකිලිමත් වෙන්න

§සුදුසු බිමක් තෝරා ගැනිම
§ස්වභාවික ආපදා අඩුවෙන් සිදුවන ස්ථානයක් වීම
§පහසුවෙන් ලගා විය හැකිවීම
§ජලය නොරැදෙන ස්ථානයක් වීම
§ජල පහසුකම් ඇති සාරවත් පසක් වීම

ඔසු බීජයක් තවන් කරන විට
§වැලි මාධ්‍යක ඖෂධ හෝ දඩු කැබලි සිටුවීම
§එම පැල ගෙදරදීම අපට සොයා ගත හැකි,ටිං ,පොල් ලෙලි බෝතල්වැනි දෙයක පැල කිරිම
§වැලි පස් කොම්පොස්ට් සමාන කරමින් කොහුබත් යොදා සාදා ගැනිම

වගාව සාර්ථක වී‍මට නම්

§වගාවට ගන්නා පැලෑට් නියමිත පරතර වලට අනුව සිටුවීම
§අරළු, නෙල්ලි, බුළු,වැනි ඖෂධ වල පරතරය අඩි 15ක් පමන වීම
§වැල් වර්ග වැනි දෑ ලග ලගම සිටුවීම

----------------------------------------------------------------------------------


වගා කල හැකි පැල වර්ග

§කොල කැද වලට ගන්නා ඖෂධ
§ඔසුපැන් සදහා ගන්නා ඖෂධ
§සර්ප විෂ සදහා ගන්නා ඖෂධ
§කැඩුම් බිදුම් වලට ගන්නා ඖෂධ
§ඖෂධීය වෘක්ෂ

අපිට මෙන්න මේ වගේ ඖෂධ වවන්න පුළුවන්

ගොටුකොල,ඉරමුසු,කරපිංචා,දොබ,බුළු,මුගුනුවැන්න,නෙල්ලි,කඩුපහර,කොහෙඹ,කුබුක්, හාත වාරිය ,රණවරා, කොහොඹ,
බැලතණ,දොබ,කරපිංචා,බෙලි,දිවුල්,අංකෙන්ද,කොහිල,නිරමුල්ලිය,දෙහි,රදලිය,මාදං,කුප්ප වේනිය,අක්කපාන,කහමදටිය,මොර,එළබටු,කොත්තමල්ලි,එකාවේරිය,කැප්පිටියා
බෙලිකටු, අනෝද,පොකුරු වදමල්, සත්සද,හීං උදුපියලිය,සුදුහදුන්,හීං බෝවිටියා,බක්මීම,දුරඅතලා,එරබුදු
,අං කෙන්ද,මලිත,හාතවාරිය,රත්නිට්‍රල්,ඉගුරු,ඇබරුල්ල,දෙළුම්,රසකිද,අසමෝදගම්,කහ,අශෝක,ආඩතෝඩ,වෙනිවැල්,හීං මදුරුතලා,හුලංකීරිය,තොටිල,නික,සමන්, පිච්ච,බිං කොහොඹ,සීනි අල,අහුං,එඩරු,වැල්පෙනෙර,ඉරිවේරිය,නිල් පුරුක්,ඇක්ටේරියා,රත්මල්,තිප්පිලි,කඩුපහර,දං අල,රත් කෑ,කටරොඩු,කලාදුරු,ගංසූරිය
හීං අරත්ත,කිරිබදු,එළබටු

ඉතින් වවන්නෝ දිනන්නෝ කියනවනෙ...ඔයාලත් ට්‍රයිකරල බලන්න කරපිංචා වගේ දෙයක් වැව්වොත් ඒක කුළුබඩුවක් විදියට උනත් ගත්තෑකි...ගොටුකොල රසවත් සම්බෝලයක් හදන්න ගත්තෑකි...කොත්තමල්ලි හොද බීමක්.ඒ වගේ දේවලටත් මේව ගන්නව....මේවගෙ ප්‍රයෝජන  ගැනත් කියා දෙන්න හිතන් ඉන්නව...ඔයාලත් දැනගන්න කැමැතිනම් අපිට කියන්න....අපි කැමතියි උදව් කරන්න...